March 23 - ලෝක කාලගුණ විද්‍යා දිනය

 දවසේ දැනමුතු | ලෝක කාලගුණ විද්‍යා දිනය.

1950 වසරේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization) ස්ථාපිත කිරීමට සමගාමීව මාර්තු මස 23 වැනිදා,ලෝක කාලගුණ විද්‍යා දිනය ලෙස නම් කර ඇත.
මෙහිදී කාලීන තේමාවක් තෝරා ගෙන එම තේමාවට අදාළ විද්‍යාත්මක තොරතුරු සහ වැදගත්කම පිළිබඳ ලොවම දැනුවත් කිරීම උදෙසා විවිධ වැඩසටහන්, කාලගුණය සහ දේශගුණය සහ ඊට අදාළ සාධක පිළිබඳව දැනුවත් කිරීම් ඇතුළු අදාළ අධ්‍යනයන් සංවිධානය කිරීමට පියවර ගනියි.
2021 වසරේ ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීම උදෙසා කාලගුණ විද්‍යා සංවිධානය විසින් යෝජනා කළ තේමාව වූයේ ‘සාගරය, අපගේ දේශගුණය සහ කාලගුණය’ (The Ocean, Our Climate and Weather) වන අතර එක්සත් ජාතීන්ගේ සාගර විද්‍යාව දශකයේ ආරම්භය සමග අත්වැල් බැඳ ගැනීම උදෙසා මෙම විශේෂ තේමාව යෝජනා වී ඇත.

Last modified: Friday, 1 April 2022, 1:50 PM