March 20 - ලෝක ගේ කුරුල්ලන්ගේ දිනය

 දවසේ දැනමුතු | ලෝක ගේ කුරුල්ලන්ගේ දිනය.

ලෝක ගේ කුරුලු දිනය මාර්තු මස 20 වන දිනට යෙදී තිබෙන සුවිශේෂී දිනයක් . Eco-Sys Action Foundation (France) සහ Nature Forever Society මූලිකත්වයෙන් ලොව ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් එක්ව මෙම දිනය නම් කරනු ලැබුවා.
මෙමගින් ගෘහස්ථ ගේ කුරුල්ලන් සහ අනෙකුත් පොදු පක්ෂීන් නාගරික පරිසරයට සහ ඔවුන්ගේ ගහනයට ඇති තර්ජන පිළිබඳව දැනුවත් කිරීම සිදුකරනු ලබනවා.
ඒ වගේම ගේ කුරුල්ලන් සහ අනෙකුත් පොදු පක්ෂීන් සංරක්ෂණය කිරීමට වඩා හොඳ විද්‍යාවකට සහ වැඩිදියුණු කළ ප්‍රතිඵලවලට තුඩු දෙන සංරක්ෂණ අදහස් ජාලගත කිරීමට සහ සහයෝගයෙන් හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් සැපයීමට ද ලෝක ගේ කුරුල්ලන් දිනය මගින් ඔවුන් අපේක්ෂා කරනවා.

Last modified: Friday, 1 April 2022, 1:44 PM