March 19- චොක්ලට් කැරමල් දිනය

 දවසේ දැනමුතු | චොක්ලට් කැරමල් දිනය.

සෑම වසරකම මාර්තු 19 වැනි දින චොකලට් කැරමල් දිනය සමරනු ලබයි. චොකලට් සහ කැරමල් ඉතා රසවත් මිහිරි යුගලයකි. රසවත් කේක්, අයිස් ක්‍රීම් , බ්‍රව්නීස් සහ කුකීස් වැනි බොහෝ අහාර වට්ටෝරු වල චොකලට් කැරමල් එකට මිශ්‍ර කර ඇත.
චොකලට් කැරමල් දිනයේ ආරම්භය, ඉතිහාසය සහ එහි පළමු සැමරීම පිළිබඳ නිශ්චිත තොරතුරක් නොමැත. එනමුත් චොකලට් කැරමල් වලට දිගු ඉතිහාසයක් ඇති බව සොයාගෙන ඇත. චොක්ලට් කැරමල් සෑදීම සඳහා පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර වූයේ මිල්ටන් හර්ෂි ය. ඔහු 1880 ගණන්වලදී චොකලට් කැරමල් සඳහා වට්ටෝරු හඳුන්වා දී ඇත.
චොක්ලට් කැරමල් මීට පෙර පැවතිය හැකි වුවද, එය ජනප්‍රිය කළේ හර්ෂි මහතාය. කැරමල් හා චොක්ලට් මිශ්‍ර ආහාර රසවිඳිමින් , අනෙක් අය සමග බෙදා ගනිමින් ජනතාව ඉතා සතුටින් මෙම දිනය සමරනු ලබයි.

Last modified: Friday, 1 April 2022, 1:42 PM