March 18- ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය

 දවසේ දැනමුතු | ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය.

ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය 2018 දී නිර්මාණය කරන ලද්දේ අපගේ වටිනා ස්වාභාවික සම්පත් සුරැකීමට සහ අපේ පෘථිවියේ අනාගතය සුරක්ෂිත කිරීමට ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම හඳුනාගැනීම සහ සැමරීම සඳහා ය. මෙම දිනය සෑම වසරකම මාර්තු 18 වන දින සමරනු ලබයි.
මෙය ලෝකය එකට එකතු වී පෘථිවියට මුල් තැන දෙන දිනයකි. 2018 සිට, ගෝලීය ප්‍රතිචක්‍රීකරණ දිනය හරහා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා මිලියන ගණනක් වූ ජනතාව සහ ව්‍යාපාර අත්වැල් බැඳගෙන ඇත.
අපගේ ස්වාභාවික සම්පත් භාවිතා කරන වේගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සම්පතක් ලෙස දැකීමට ලොව පුරා සිටින රජයන්, ව්‍යාපාර ප්‍රජාවන් සහ පුද්ගලයන්ගේ මානසිකත්වය වෙනස් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සංකල්පය සහ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම දිනය සැමරීමේ අරමුණු වේ.

Last modified: Friday, 1 April 2022, 1:40 PM