February 11 - ඒන්ජල් දියඇල්ල

 දවසේ දැනමුතු | ඒන්ජල් දියඇල්ල.

වෙනිසියුලාවේ පිහිට ඇති මෙය ලොව උසම අඛණ්ඩ දිය ඇල්ලයි. එහි උස මීටර් 979 (අඩි 3,212) වන අතර අවුන් ටෙපු නම් කදුමුදුනින් කඩා හැලේ.
දිය ඇල්ලට ඉහළින් පියාසර කළ පළමු පුද්ගලයා වූ එක්සත් ජනපද ගුවන් නියමුවෙකු වන ජිමී ඒන්ජල් විසින් මෙම ඇල්ල එන්ජල් ඇල්ල නමින් නම් කර ලෝකයට හඳුන්වාදී ඇත. ඒ අනුව 20 වැනි සියවසේ මැද භාගයේ සිට මෙම ඇල්ල හඳුන්වනු ලැබුවේ ඒන්ජල් ඇල්ල ලෙසිනි.
මෙම දිය ඇල්ල වෙනිසියුලාවේ ඔරිනෝකෝ ගංගා පද්ධතියේ අතු ගංගාවක් වන කැරාවෝ ගගේ අතු ගංගාවකි.
1949 මැයි 13 වන දින ඇමරිකානු මාධ්‍යවේදියෙකු වන රූත් රොබට්සන් විසින් සංවිධානය කරන ලද සහ මූල්‍යමය වශයෙන් ගවේෂණ චාරිකාවක් මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් ඇල්ලේ නිල උස තීරණය කර ඇත.
ඒන්ජල් ඇල්ල වෙනිසියුලාවේ ප්‍රමුඛතම සංචාරක ආකර්ෂණයන්ගෙන් එකකි. නමුත් ඇල්ල හුදකලා වනාන්තරයක පිහිටා ඇති නිසා සංචාරය කිරීම සංකීර්ණ කටයුත්තකි.

Last modified: Friday, 1 April 2022, 1:21 PM