February 09- චීන මහා ප්‍රාකාරය

 දවසේ දැනමුතු | චීන මහා ප්‍රාකාරය.

චීන මහා ප්‍රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා සාදන ලද්දකි. ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි.
වර්ෂ 1987 දී යුනෙස්කෝව විසින් චීන මහා ප්‍රාකාරය ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇත.
චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක එනම් සැතපුම් 4000 පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි. කෙසේ නමුත් ප්‍රාකාරයේ සමස්ත දිග ප්‍රමාණය කි.මී. 6700 (සැතපුම් 4160 ) කට අධික වේ.
තවද, ශත වර්ෂ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වුණු ප්‍රාකාරය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අතුරුඵලයක් ලෙස චීන ජාතිකයින් මිලියන 2 ත් 3 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ඇස්තමේන්තු කර ඇත. අභ්‍යවකාශයේ සිට පෙනෙන එකම මිනිසා විසින් සාදන ලද ව්‍යුහය ලෙස එය පුළුල් ලෙස ලේඛනගත කර ඇතත්, මෙය ඇත්ත වශයෙන්ම මිථ්‍යාවක් වන අතර මහා ප්‍රාකාරය ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයට නොපෙනෙන බව බොහෝ ගගනගාමීන් විසින් සනාථ කර ඇත.

Last modified: Friday, 1 April 2022, 12:25 PM