February 07 - ඉංග්‍රීසි නවකතාකරු "චාල්ස් ඩිකන්ස්"ගේ උපත

 දවසේ දැනමුතු | ඉංග්‍රීසි නවකතාකරු "චාල්ස් ඩිකන්ස්"ගේ ජන්ම දිනය.

ඉංග්‍රීසි නවකතා සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කතුවරයෙකු වන චාල්ස් ඩිකන්ස් මහතා උපත ලැබුවේ වර්ෂ 1812 පෙබරවාරි මස 07 වන දින එංගලන්තයේදීය. එතුමා වික්ටෝරියා යුගයේ ශ්‍රේෂ්ඨතමයා ලෙසද සලකනු ලබයි. පෙර සිටි කිසිම ගත් කතුවරයෙකු අත්නොවිඳි පුළුල් ජනප්‍රියත්වයක් සහ ප්‍රසිද්ධියක් ඔහුගේ ජීවිත කාලය තුලදීම බුක්ති විඳි අතර ඔහු වර්තමානයේදීද තවමත් ජනප්‍රිය පුද්ගලයෙකු වන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි බොහෝ නිරූපක නවකතා සහ චරිත සඳහා දායකත්වය සැපයූ හේතුවෙනි.
වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකු, සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කළ චාල්ස් ඩිකන්ස් මහතා ඔලිවර් ට්විස්ට්, අ ටේල් ඔෆ් ටූ සිටීස්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ග්‍රේට් එක්ස්පෙක්ස්ටේෂන්ස් වැනි ලෝක ප්‍රසිද්ධ කෘතීන් රැසක් ලොවට දායාද කළේය. නවකතා පමණක් නොව කෙටි කතා, කොටස් ලෙස සඟරාමය වශයෙන් පළවූ කතා වැනි විවිධ ශෛලීන් අත්හදා බැලූ මෙතුමාගේ කෘතියක් එකල මුද්‍රණයේ නොමැති අවස්ථාවක් සොයාගත නොහැකි තත්වයටම අඛණ්ඩ ජනප්‍රියතාවයක් දිනාගෙන සිටියේය.
පොතපතට පෙම්බැඳි අයවළුන්ට අසිරිමත් සාහිත්‍ය ලෝකයක් ගොඩනැංවූ මෙතුමා වර්ෂ 1870 ජුනි මස 09 වන දින එම ලෝකයෙන් සදහටම බැස ගියේය.

Last modified: Friday, 1 April 2022, 12:19 PM