February 06 - ජනතා වතු සංවර්ධන මණ්ඩලය ආරම්භ කිරීම

 දවසේ දැනමුතු | ජනතා වතු සංවර්ධන මණ්ඩලය ආරම්භ කිරීමේ දිනය.

අතීතයේ සිටම වැවිලි කර්මාන්තයට ප්‍රසිද්ධියක් ඉසිලූ ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසීන් විසින් සාරවත් ලෙස කරගෙන ආ විවිධ භෝග වගාවන් ඉන් පසුවත් “ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව” විසින් ඉදිරියට ගෙන එන ලදී. නමුත් ඒ යටතේ වතු කිහිපයකට පමණක් සීමා වූ මෙය වර්ෂ 1976 පෙබරවාරි මස 06 වන දින “ජනතා වතු සංවර්ධන මණ්ඩලය” පිහිටු වීමෙන් ජනසතු කරන ලදී.
එතැන් පටන් අමාත්‍යංශ 02ක් යටතේ වෙන වෙනම පාලනය වන මෙම ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය පළාත් මට්ටමින් භෝග වගාවන්හි ඵලදායීත්වය ඉහල නැංවීම කෙරෙහි විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවයි.
මූලික වශයෙන් තේ වගාව කෙරෙහි අවධානයක් යොමු කරනු ලබන ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඊට අමතරව රබර්, කුළුබඩු සහ නව භෝග වර්ග කෙරෙහිද සිය අවධානය යොමු කරයි. පාරිභෝගිකයාට සහන මුදලට තම නිෂ්පාදන අලෙවි කරමින් ලාභයක් උපයාගනීමටද කටයුතු කරන ජනතා වතු සංවර්ධන මණ්ඩලය වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා විශාලතම තිරසාර ප්‍රතිලාභ ළඟා කරදීමේ දැක්මකින් යුක්තව සිය ඉදිරි කටයුතු සිදු කරයි.

Last modified: Friday, 1 April 2022, 12:16 PM