February 04 - ජාතික නිදහස් දිනය

 දවසේ දැනමුතු | ජාතික නිදහස් දිනය.

අවුරුදු 100කට වඩා බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනයට යටත්ව පැවති ශ්‍රී ලංකාව, නිදහස් රාජ්‍යයක් බවට පත් වෙන්නේ 1948 පෙබරවාරි 04 අද වැනි දිනකයි.
බ්‍රිතාන්‍ය පාලනයේ පීඩාවලට එරෙහිව නිදහස දිනා ගැනීමට අතීත වීරවරුන් ජීවිත පුද කරමින් සටන් මෙහෙයවා තිබෙන අතර ගොන්ගාලේ ගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු වැනි වීරවරු නිදහස දිනා ගැනීමේ සටන්වලදී තම ජීවිතය පූජා කළා.
1998 පෙබරවරි 04 දින නිදහස ලැබුවත් එදින උත්සවයක් පැවැත්වූයේ නෑ. එම නිදහස් උත්සවය පෙබරවාරි 10 වන දින සිට 12 දින දක්වා ජාතික නිවාඩු දින බවට දැනුම් දෙමින් අති උත්කර්ෂවත් ලෙස දිවයින පුරා සමරනු ලැබුවා.
කොඩි එසවීමේ උත්සව, නැටුම්, පෙළපාළි හා විවිධ ක්‍රියාකාරකම් මගින් නිදහස් උත්සවය රට පුරා උත්සවශ්‍රීයෙන් සමරනු ලබන අතර ජාති ආගම්වලට භේද නොවී ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතු වී සහෝදරත්වයෙන්, 74 වන නිදහස් දින උත්සවය ඉතාම අභිමානයෙන් අපි සියලු දෙනා සමරමු.

Last modified: Friday, 1 April 2022, 12:12 PM