February 02 - ලෝක තෙත් බිම් දිනය

 දවසේ දැනමුතු | ලෝක තෙත් බිම් දිනය.

වසර පුරා හෝ වසරේ කිසියම් කාල සීමාවක් ජල බරිත ව පවත්නා බිම් ‌තෙත්බිම් ලෙස හදුන්වනු ලබනවා.
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතිකව පිළිගත හැකි තෙත්බිම් 41ක් පමණ පවතිනවා. තෙත්බිම් පරිසර පද්ධතිය තුළ සුවිශේෂී පරිසර විවිධත්වයක් පවතින්නා සේම විවිධාකාරයේ සත්ත්ව කොට්ඨාසවලට නිවහන සපයයි.
මිනිස් ක්‍රියාකාරකම් හා දේශගුණීක විපර්යාස නිසාම විනාශ වීමේ අවදානමට මුහුණ පා ඇත. මේ නිසාම 1971 දී තෙත්බිමක් සංරක්ෂණය පිළිබඳ රැම්සාර් සම්මුතිය බිහි වුණා.
පරිසර පද්ධතිවල වටිනාකම අවබෝධ කරගෙන මතු පරපුරට මෙවැනි සම්පත් සංරක්ෂණය කරලීම අප සැමගේ යුතුකමකි.

Last modified: Friday, 1 April 2022, 12:05 PM