January 30 - ලෝක ලාදුරු මර්දන දිනය

 දවසේ දැනමුතු | ලෝක ලාදුරු මර්දන දිනය.

ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ, ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කරන ලදි.
වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි. 1995 දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.
මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත. ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ වීම සිදු නොවේ. ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැකිය. ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
නිසි ලෙස වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය අතුරු ආබාධ රහිත ව සුව කරගත හැක. ලාදුරු ලක්ෂණ යැයි සැක කෙරෙන ලප කැළැල් හඳුනාගත් විගස ඖෂධ ප්‍රතිකාර ක්‍රම සඳහා කල්වෙලා ඇති ව යොමු වීමත් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසාත් ලාදුරු රෝගය අපිටම තුරන් කල හැකිය.

Last modified: Friday, 1 April 2022, 11:58 AM