December 21 - ලොව පළමු වාණිජ විදුලි බුබුළ හඳුන්වාදීම

 දවසේ දැනමුතු | ලොව පළමු වාණිජ විදුලි බුබුළ හඳුන්වාදීම.

තෝමස් අල්වා එඩිසන් මහතා ඇමරිකානු නව නිපැයුම්කරුවෙකු හා ව්‍යාපාරිකයෙකුද බවට පත් වන්නේ ශ්‍රේෂ්ඨ නව සොයාගැනීම් ගණනාවක්ද සමඟයි. ඒවා අතරින් විදුලි බල උත්පාදනය, ජන සන්නිවේදනය, ශබ්ද පටිගත කිරීම සහ චලන පින්තූර ලබා ගැනීම සඳහා නිපදවන ලද උපකරණද ප්‍රධාන තැනක් ගන්නවා.
1879 ජනවාරි වන විට, නිව් ජර්සි හි මෙන්ලෝ පාර්ක් හි ඔහුගේ රසායනාගාරයේදී, එඩිසන් ඔහුගේ පළමු අධි ප්‍රතිරෝධය, තාපදීප්ත විදුලි ආලෝකය ගොඩනඟා ගත්තා. වීදුරු රික්තක බල්බයේ තුනී ප්ලැටිනම් සූත්‍රිකාවක් හරහා විදුලිය ගමන් කිරීමෙන් එය ක්‍රියා කළ අතර එමඟින් සූතිකා දියවීම ප්‍රමාද වුණා. ඔහු සූත්‍රිකාවට භාවිතා කිරීම සඳහා ද්‍රව්‍ය දහස් ගණනක් පරීක්ෂා කළා. වර්තමානයේ විදුලි බුබුළු සූතිකා සඳහා භාවිතා කරන ලෝහය වන ටංස්ටන් භාවිතා කිරීමට පවා ඔහු සිතා තිබුණා.
1879 දෙසැම්බර් 21 වන දින තෝමස් අල්වා එඩිසන් මහතා විසින් ලොව ප්‍රථම වාණිජ විදුලි බුබුළ හඳුන්වා දුන්නා.
අද වන විට වසර සියයකට වඩා පැරණි වුවද, මෙම බල්බය දැන් ඔබේ නිවසේ දැල්වෙන විදුලි බුබුළු හා පෙනුමෙන් සමාන බවක් දකින්න පුළුවන් .අද වන විට අපට දැකිය හැකි විිදුලි බුබුළ 1879 බල්බයට කරන ලද අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයයි .තෝමස් අල්වා එඩිසන් මහතා බොහෝ පර්යේෂකයන් සහ සේවකයින් සමඟ වැඩ කරමින් නව නිපැයුම් ක්‍රියාවලියට කණ්ඩායම් වැඩ කිරීමේ මූලධර්ම යෙදූ පළමු නව නිපැයුම්කරුවන්ගෙන් කෙනෙකි.

Last modified: Friday, 1 April 2022, 6:28 AM