December 19 - සදාහරිතයන් සොයා යාමේ දිනය

 දවසේ දැනමුතු | සදාහරිතයන් සොයා යාමේ දිනය.

ඇමරිකාව වැනි රටවල සෑම වසරකම නිවාඩු කාලය තුළ එක් දෙයක් වෙනස් වෙන්නෙ නැතුව තියෙනව. ඒ සෑම තැනකම සිටින මිනිසුන් පිටතට ගිහින් නත්තල් ගසක් සොයා ගන්නේ කුමන දිනයට පෙරද යන්න තීරණය කිරීමයි. සදාහරිතයන් සොයා යාමේ දිනය යනු නත්තල් නිවාඩු දින සඳහා ගසක් ඇති බව සහතික කර ගැනීමට ඇති අවසාන අවස්ථාවයි. දැනටමත් මෙම වසර සඳහා ගස ලබාගෙන තිබුණත්, මේ දිනය සියලු දෙනාට අනෙකුත් අසල්වැසි්‍ සදාහරිත ගස් වර්ග වලට හුරු වීමට හොඳ අවස්ථාවක් ලබා දෙනවා.
ජාතික වෘක්ෂලතා සංගමය මුලින් මේ උත්සව සැමරුම් දිනය නිර්මාණය කර ඇත්තේ මෙම ගස්වල අලංකාරය අගය කිරීමටයි. සදාහරිත යනු සෘතු හතරේම පත්‍ර ඇති ගසක් වන අතර එය සැමවිටම කොළ පාටයි. ශීත ඍතුවේ ගැඹුරේ පවා මෙම ගස් ඔවුන්ගේ ශාක පත්‍ර තබා ගන්නවා.
සදාහරිත ශාක අතරින් නිල් ස්පෘස් හා ඩග්ලස් ෆර් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. සදාහරිතයන් සාම්ප්‍රදායිකව ඇපල් හෝ රටඉඳි වැනි ආහාරයට ගතහැකි ද්‍රව්‍යවලින් සරසල තියෙනවා. 18 වන ශතවර්ෂයේ සිට, මෙම ගස් දිලිසෙන විදුලි පහන්, සීනු, මල්මාලා සහ විසිතුරු භාණ්ඩ වලින් සරසා ඇත. අද වන විට බොහෝ රටවල එවැනි ගසකට සමාන පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වලින් සාදන ලද කෘතිම නත්තල් ගසක් නත්තල් සැමරුමේදී භාවිතා වෙනව.

Last modified: Friday, 1 April 2022, 6:19 AM