December 18 - උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය

 දවසේ දැනමුතු | උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය.

වර්ෂයක් තුල යෙදෙන පුර පසළොස්වක පොහොයන් අතරින් අවසාන පොහොය දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධයින් හට ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයකි.
බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. එසේම අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනකු සඟමිත් තෙරණිය වෙතින් පැවිදි බව ලැබීමෙන් මෙරට කාන්තා පැවිද්ද ආරම්භ වූයේද අද වැනි උඳුවප් පුර පසළොස්‌වක පොහෝ දිනකදීය.
මීට අමතරව බෞද්ධ බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරනු ලබන සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන්ය. මෙය මීළඟ වෙසක් පුන් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක වේ.

Last modified: Friday, 1 April 2022, 6:16 AM