December 17 - දිනමිණ පුවත්පත ආරම්භ කිරීම

 දවසේ දැනමුතු | දිනමිණ පුවත්පත ආරම්භ කිරීම.

ශ්‍රී ලංකාව තුල දිනපතා නිකුත්වන පැරණිතම සිංහල පුවත්පතක් වන “දිනමිණ” පුවත්පත ආරම්භ කරන ලද්දේ වර්ෂ 1909 දෙසැම්බර් මස 17 වැනිදාය. ඒ H.S. පෙරේරා මහතා විසිනි. පසුව වර්ෂ 1914 සිට D.R. විජේවර්ධන මහතා විසින් මෙම පුවත්පතේ හිමිකාරීත්වය දරන ලදී. වර්තමානයේදී මෙය ශ්‍රී ලංකා රජයට අයත් “සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම” නැතහොත් “ලේක්හවුස්” ආයතනය මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.
ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල දේශපාලන,සංස්කෘතික, ක්‍රීඩා සහ එදිනෙදා සිදුවන ආර්ථික, විදේශ, ආගමික කටයුතු පිළිබඳව තොරතුරු මේ හරහා පාඨකයන් වෙත ගෙන එනු ලබයි. වර්තමානය වන විට වර්ෂ 100කටත් අධික කාලයක් පසු කර සිටින මෙම පුවත්පත ශ්‍රී ලංකා පුවත්පත් කලාවේ ඉතා වැදගත් අනන්‍යතාවයකි.

Last modified: Friday, 1 April 2022, 6:12 AM