December 11 - ජාත්‍යන්තර කඳුකර දිනය

 දවසේ දැනමුතු | ජාත්‍යන්තර කඳුකර දිනය.

සෑම වසරකම දෙසැම්බර් 11 වන දිනය ජාත්‍යන්තර කඳුකර දිනය ලෙස නම් කරලා තියෙනවා. කඳුකරයේ තිරසාර සංවර්ධනය දිරිමත් කිරීම තමයි මෙම දිනයේ අරමුණ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරල තියන්නේ 2003 වර්ෂයේ දීය.
එක්සත් ජාතීන් විසින් 2002 වසරෙදී කදුකරයේ වැදගත්කම කෙරෙහි වැඩි අවදානයක් යොමු කළා. මේ නිසාම එම වසර එක්සත් ජාතීන්ගේ කදු වසර ලෙස නම් කරනු ලැබුවා. ඒ වුනාට පළමු ජාත්‍යන්තර දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ ඊළඟ වසරේ එනම් 2003 වසරේදී.
මෙම සියුම් පරිසර පද්ධති දේශගුණික විපර්යාස, අධික ලෙස සූරාකෑම සහ දූෂණය හේතුවෙන් දැවැන්ත පීඩනයකට ලක්ව තිබෙනවා. ඉතින් කඳුකර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කිරීමට ජාත්‍යන්තර කඳුකර දිනය අපට අවස්ථාවක් ලබා දෙනවා.
මෙම වාර්ෂික දිනය සම්බන්ධීකරණය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින්. මෙහිදී කදුකර ගැටලු පිලිබදව වැඩි අවධානයක් යොමු කරවීම මුලිකම අරමුණ ලෙසට සලකනු ලබනවා.

Last modified: Friday, 1 April 2022, 5:59 AM