March 24 - ලෝක ක්ෂය රෝග දිනය.

 දවසේ දැනමුතු | ලෝක ක්ෂය රෝග දිනය.

ක්‍රි.ව.1882 මාර්තු 24 දී ක්ෂය රෝගය (TB) ඇති කරන බැක්ටීරියාවක් වන Mycobacterium tuberculosis මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් සොයා ගන්නා ලද අතර එය සිහි ගන්වමින් ලෝක ක්ෂය රෝග දිනය ලෙස සෑම වසරකම මාර්තු 24 නම් කරන ලදී.
ක්ෂය රෝගය ලෝකයේ මාරාන්තික බෝවන රෝගයන්ගෙන් එකකි. සෑම දිනකම ලොව පුරා 4100 කට වැඩි පිරිසකට ක්ෂය රෝගයෙන් ජීවිත අහිමි වන අතර 28,000 කට ආසන්න පිරිසක් රෝගාතුර වේ. ක්ෂය රෝගයට එරෙහිව සටන් කිරීමට ගෝලීය ප්‍රයත්නයන් 2000 වසරේ සිට අනුගමනය කරන ලදී. කෙසේ වෙතත්, COVID-19 වසංගතය ක්ෂය රෝගය තුරන් කිරීමේ සටනේ වසර ගණනාවක ප්‍රගතිය ආපසු හරවමින් ක්ෂය රෝග මරණ 2020 දී වැඩි විය.
ලෝක ක්ෂය රෝග දිනය යනු ලොව පුරා ක්ෂය රෝගයේ බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දිනයකි. 2022 ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව වනුයේ - 'ක්ෂය රෝගය අවසන් කිරීමට ආයෝජනය කරන්න. ජීවිත සුරකින්න.’ යන්න යි.

Last modified: Friday, 1 April 2022, 4:56 AM