March 16 - සෙල්ෆි තහනම් දිනය.

 දවසේ දැනමුතු | සෙල්ෆි තහනම් දිනය.

තාක්‍ෂණයේ දියුණුවත්, සමාජ මාධ්‍යවල උපතත් සමඟ නූනන පරම්පරාව සෙල්ෆි ඡායාරූප ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දකින්නට තිබේ. සමාජ මාධ්‍ය වෙත පිවිසෙන සෑම අවස්ථාවකම එහි ප්‍රතිඵල අපට දැකගත හැකිය. දිනකට සෙල්ෆි විශාල ප්‍රමාණයන් ගන්නා පුද්ගලයින් ඕනෑ තරම් සිටින අතර යම් අවස්ථා වලදී මෙමගින් පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජීවන රටාවට මෙන්ම මානසික සෞඛ්‍යයටද අහිතකර බලපෑම් සිදු කරනු ලබයි. සෙල්ෆි හෝ ස්වයං ඡායාරූප සංස්කෘතියෙහි අහිතකර බලපෑම් පිළිබඳව සියලු දෙනා දැනුවත් කිරීම සඳහා සෙල්ෆි තහනම් දිනය සමරනු ලබයි. එය සෑම වසරකම මාර්තු 16 වෙනිදා සමරනු ලබයි. සෙල්ෆි තහනම් දිනයෙහි ඉතිහාසය, ආරම්භය සහ නිර්මාතෘ නිර්නාමික වේ. කෙසේ වෙතත් මෙම සැමරුම ඉදිරිපත් කර ඇති නිර්මාණකරුවා සෙල්ෆි වලට ඇබ්බැහි වූවන් ඉලක්ක කර ඇත්තේ ඔවුන්ට සෙල්ෆි වල අහිතකර බලපෑම අවබෝධ කර දීමටයි. වාර්ෂිකව මෙය සමරමින් එදින තුළදී සෙල්ෆි ඡායාරූපයක් නොගන්නා ලෙස සැමට ආරාධනා කරනු ලබයි.

Last modified: Friday, 1 April 2022, 4:57 AM