දොඩම් කපාලා....(ඔළිඳ කෙළිය)

 

දොඩම් කපාලා ඇඹුල් තනාලා

නාන්ට යන හැටි බලන් කලූ

සේලේ ඇඳලා නෙරිය තියාලා

මිදුලේ සක්මන් කරයි කලූ

 

දහසක් දීලා වළලු තනාලා

දෑතේ අතලා බලයි කලූ

දුනුකේ මල සේ උළුගෙයි ඇඳපිට

ඔළිඳ කෙළින හැටි බලන් කලූ




සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
පටිගත කිරීම :  එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
Last modified: Tuesday, 7 December 2021, 5:14 PM