වෙදා නටන්නේ පළමුව.... (සොකරි ගීත)

වෙදා නටන්නේ පළමුව සබයට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
කුදා වැනෙන්නේ සබයේ කොක් හඬ ලන්නේ
විදා පාන්නේ ඇත දෙක කෑලි තියන්නේ ....

සොත්තා එන්නේ දෙවනුව නැටුම් නටන්නේ
දැක්කා උන්නේ සෙල්ලම් යසයි කියන්නේ
බක්කා ඉන්නේ නැටුමට මමයි කියන්නේ
සොත්තා දන්නේ නැටුමට බිම පෙරලන්නේ ...

ඉතින් කියන්නේ තුන්වෙනි වරට නටන්නේ
පාරයි එන්නේ වටපිට නිතර බලන්නේ
කට දොඩවන්නේ ගිය ගිය තැන පෙරලෙන්නේ
කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ ...

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග තියන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොල්ලන්නී
කැඩපත ගන්නී සුරතින් මුහුණ බලන්නී ...<

අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොන්ඩේ ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අඳින්නී පටකන් ඔමරි දමන්නී ...

Last modified: Monday, 6 December 2021, 1:14 PM