විලාසිතා නිර්මාණකරණය

විලාසිතාවේ විවිධ අංශ

විලාසිතාවේ විවිධ අංශ

by vimukthi wasala -
Number of replies: 1

220px-1796-short-bodied-gillray-fashion-caricature.jpg

විලාසිතා යනු මිනිස් ක්රියාකාරකම් හා චින්තන ක්ෂේත්ර බොහෝමයකට පොදු සමාජ සංසිද්ධියකි. විලාසිතා වල නැගීසීම් හා බිද වැටීම් විශේෂයෙන් පහත ක්ෂේත්ර වලදී අධ්යයනය කර ඇත.

· ගෘහ නිර්මාණ ශිල්පය, අභ්යන්ත

ර අංකරණය හා භූ දර්ශණ සැළසුම් කරනය. · කලා හා අත්කම් · ඇඟලුම්, විලේකන, පුද්ගල අලංකරණය, කොන්ඩ විලාසිතා · නැටුම් හා සංගීතය · ඇමතීම්, කථා හා අනෙක් කතා ආකාර · හැසිරීම් වාණිජ විද්යාවේ අධ්යයනය කර ඇති පරිදි ආර්ථිකය හා වැය කිරීමේ තෝරා ගැනීම් · විනෝදාස්වාදය, ක්රිඩා, විනෝදාංශ හා අනෙකුත් කාලය ගත කරන දෑ · සමාජ චාරිත්ර · කළමණාකරණය කලමණාකරණ රටා හා සංවිධානය කිරීමේ ආකාර · දේශපාලනය හා මාධ්ය විශේෂයෙන් මාධ්ය මගින් උනන්දු කරනු ලබන සාකච්ඡාවට බදුන්වන මාතෘකා · දර්ශන වාදය හා ආධ්යාත්මිකතාව (ආගම් ද විලාසිතා කරා නැඹුරු වී ඇතැයි කෙ

නෙක් තර්ක කළ හැක නමුත් නිළ ආගම් වෙනස් වීමට ප්රවණතාවයක් දක්වන්නේ ඉතා සෙමින් වන අතර එය සදහා විලාසිතා යන්නට වඩා සංස්කෘතික වෙනස්වීම ලෙස හැදින්විය හැක). · සමාජ ජාල හා නිරූපන හා පුහුණුවීම් වල පැතිරීම. · සමාජ විද්යාව හා අනන්යතාවය ගොඩ නැගීම සදහා ඇදුම් වල අරුත · තාක්ෂණය, පරිගණක ක්රමලේක කරණ තාක්ෂණය වැනි · සත්කාරක කර්මාන්තය, යම් ගුණයක් හා වෙළද නාමය මතු කර දැක්වීම සදහා හෝටලයකට, ආපන ශාලාවකට, කැසිනෝ හලකට හෝ ක්ලබ් එකකට නිර්මාණය කරනු ලබන නිළ ඇදුමක් වැනි

මෙම ක්ෂේත්ර වලින් විලාසිතා යන වදන සමග ඇදුම් පැළදුම් (Costume) විශේෂයෙන් මහජනයා සමග සම්බන්ධ වී ඇති අතර ඇදුම් පැළදුම් යන පොදු වදන විචිත්ර ඇදුම් හෝ කෝලම් ඇදුම් හැදින්වීම සදහා ලඝු කර ඇති අතර විලාසිතා යන්න සාමාන්යයෙන් ඇදුම් හා ඒවා පිළිබදව වු අධ්යනය හගවයි. මෙම වන හුවමාරුවට හේතුව වුයේ කර්මාන්ත විප්වය අතර තුරදි නව රෙදිපිළි භාවිතය සදහා නව ආකාර පෙන්වා දුන් විලාසිතා පලකවල නිපදවීම නිසාය. ඇදුම් පැළදුම් හා සමාජයට ලැබී ඇති තත්ත්වය පිළිබදව වු පුළුල් සංස්කෘතීන් හරහා යන නිරීක්ෂණයක් ඇදුම් පැළදුම් සදහා වු ප්රවේශ සදහා පරීශීලනය වේ. මෙම ලිපියේ ඉතිරි කොටස බටහිර ලෝකයේ ඇගලුම් රටා සමග කටයුතු කරයි.

 

In reply to vimukthi wasala

Re: විලාසිතාවේ විවිධ අංශ

by geethika sanjeewani -

විලාසිතා ලෙස හැඳින්වෙන්නේ ඔsනෑම සංස්කෘතියක් තුළ දෙන ලද කාලයකදී ප්‍රචලිතව පවතින ඇඳුම් පැළඳුම් ආකාරයන් වේ. (කෙසේ නමුත් විලාසිතා යන පදය ආහාර , සාහිත්‍ය, කලා , ගෘහ නිර්මාණ ශිල්ප සහ අනෙකුත් ක්ෂේත්‍රයන් ආශ්‍රීතව ද භාවිතා විය හැක.) කෙසේ නමුත් ඇඳුම් පැළඳුම් ආකාර ඉක්මණින් වෙනස් විය හැකි අතර සාමාන්‍ය භාවිතයේදී විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්‍රමවේදයයි. මෙම පදය හා බැඳුණු අභ්‍යන්තරික අදහස වන්නේ සමස්ත සංස්කෘතීන්ට සාපේක්ෂව එහි එක් එක් කොටස් වඩාත් සීඝ්‍රයෙන් විචලනයන්ට භාජනය වන බවයි.