தலைப்பு மேலோட்டம்
- பொது
- 16+ යෞවනයට ආමන්ත්‍රණයක්
16+ යෞවනයට ආමන්ත්‍රණයක්
සන්නිවේදන තාක්ෂණය ලෝකය මිටකට හකුළුවා ගත් යුගයක මානව ලිංගිකත්වය වැනි තිරය පිටුපස රැඳුණු මාතෘකා විවෘත සාකච්ඡා මේසයට පැමිණ තිබේ. එහෙත් ඒ පිළිබඳ ශ්‍රී ලාංකේය සමාජ සංවාදය තවත් පුළුල් විය යුතු බව පැහැදිලි ය. නොදැනුවත්භාවය හේතුවෙන් පාසල් සිසුන් මුහුණපාන ගැට ̈ අවම කර ගැනීම සඳහා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ ව ඔවුන් සවිඥානික කරවීම කාලීන අවශ්‍යතාවකි. මෙම කාලීන අවශ්‍යතාව පෙරදැරි කර ගෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දායකත්වයෙන් අ.පො.ස. උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය හදාරන සිසුන් උදෙසා 16+ යෞවනයට ආමන්ත්‍රණයක් නැමැති මෙම අතිරේක කියවීම් පොත සම්පාදනය කරනු ලැබ ඇත.
- දැන්වීම්
දැන්වීම්
සිංහල ජන කවිය තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ කීපයකි. එදිනෙදා ජීවිතය හා බැඳුණු සිදුවීම් හා හැඟීම් ජන කවියේ අන්තර්ගතය වේ. එමෙන් ම සරල උපමා හා රූපක ආදියෙන් රසවත් වී ඇත. භාව පූර්ණ වාග්මාලාව ජන කවියාට සහජයෙන් උරුම වූවකි. ජන කවිය විවිධ විරිත්වලින් රස ගැන්වේ. ඒ ඒ කාර්යයේ රිද්මය හා බැඳුණු විරිත ජන කවියේ ප්‍රධාන ලක්ෂණයකි. නැළවිලි ගී ගැයෙනනේ ඉතා ම ලයාන්විත වූ නාද මාලාවකිනි. ඔරු හා පාරු පැදවීමේ දී තොටියා වෙහෙස වන ආකාරය රිද්මයානුකූල ව පාරු කවියේ විරිත හා බැඳේ. ගොයම් කවි හා නෙඵම් කවි, ඒ ඒ කාර්යයනගේ රටාව අනුව ගැයෙයි. ඔංචිල්ලාව පැද්දෙන තාලයට ඔංචිලි වාරම් කවි ගායනා කෙරේ. පොදුජනයා අතරේ භාවිත වන සරල ජීවන රටාව හා බැඳුණු සිංහල ජන කවියේ විශේෂිත අංගයක් වූ ‘දැනමුතුකමට කී කවි’ හෙවත් ‘උපදෙස් දීම සඳහා කී කවි’ ගණයේ ලා සැලකෙන ජන කවි කීපයක් මෙහි දැක්වේ. මේ උපදෙස් කවි සෑම දේශයකට ම ඔබින, සෑම කාලයකට ම ගැළපෙන ඒවා ය. ඕනෑ ම තරාතිරමක, ඕනෑ ම වයසක පසු වන කෙනෙකුගේ ජීවිතය හැඩ ගස්වා ගැනීමට ඒවායින් ලබා දෙන උපදෙස්, උපකාර වේ.
- පන්සිය පනස් ජාතක කතා
- දවසේ දැනමුතු