ද්විතීයික පන්ති (6-13 වසර) සඳහා ඇති අන්තර්ගතය භාවිතය

e-තක්සලාව මුල පිටුවේ දැක්වෙන ද්විතීයික ශ්‍රේණි මත click කිරීමෙන් අදාල ශ්‍රේණියේ විෂයයන් දැක්වෙන වෙබ් පිටුවකට යොමු කෙරෙනු ඇත.

එහිදී අදාල විෂය click කල විට ඔබ login වී නොමැති නම් login පිටුවටද දැනටමත් login වී ඇති නම් ඔබව අදාල විෂය සහිත වෙබ් පිටුවටද යොමු කෙරෙනු ඇත.

ලොගින් වීමෙන් පසු ඔබ පිවිසෙනුයේ ඔබ විසින් තෝරා ගත් විෂයට අදාළ වෙබ් පිටුව වෙතයි. එහිදී පළමුව ඔබට විෂයට අදාළ පාඩම් සහ ඊට අදාලව e-තක්සලාව විසින් නිමවන ලද විවිධ ක්‍රියාකාරකම් වල නියැලීමට ඉඩහසර ලබා දී ඇත. සරලව ඔබ කලයුත්තේ අවශ්‍ය මාතෘකාව මත click කිරීම පමණි.

විෂය නිර්දේශ හා පෙළපොත ආදී දේ මෙහි pdf ලේඛන ලෙස සපයා ඇත. උදාහරණයක් ලෙස ඔබ ඉහත බුද්ධ ධර්මය පාඩමෙහි, විෂය නිර්දේශය යන link එක click කිරීමෙන් ඊට අදාළ විෂය නිර්දේශය, pdf ලේඛනයක් ලෙස පහත පරිදි පෙන්වනු ඇත. එමෙන්ම එම ලේඛනය ඔබේ පරිගනකයට බාගත කර ගැනීමටද පහසු කම් සපයා ඇත


ප්‍රාථමික (1 - 5) වසර සඳහා අන්තර්ගතය.
(මෙය භාවිතා කිරීමට ලියාපදිංචි වීම අනවශ්‍යය ය.)