ප්‍රාථමික පන්ති (1- 5 වසර) සඳහා ඇති අන්තර්ගතය භාවිතය

පළමුව ප්‍රාථමික වසර සඳහා වූ ශ්‍රේණිය දැක්වෙන රූපය මත click කරන්න.

ඒ අනුව ඔබව අදාළ ප්‍රාථමික වෙබ් පිටුව වෙත රැගෙන යනු ඇත. එහි පහත පරිදි විෂය අන්තර්ගතයන් පෙන්වා දෙනු ඇත.

අදාළ විෂය මත click කිරීමෙන් එම විෂයට අදාලව e-තක්සලාව විසින් ලබා දෙන අන්තර්ගතයන් ඇතුලත් මාතෘකා ලැයිස්තුවක් පහත පරිදි ඔබට දර්ශනය වනු ඇත. අවශ්‍ය මාතෘකාව මත click කිරීමෙන් ඔබව අදාළ පාඩම වෙත යොමු කෙරෙනවා ඇත.


ද්විතීයික (6 - 13) වසර සඳහා අන්තර්ගතය.
(මෙය භාවිතා කිරීමට ලියාපදිංචි වීම අත්‍යවශ්‍යය ය. “ලියාපදිංචි වීම” යන මෙනු අයිතමය click කර එම ක්‍රියාවලිය සිදු කරන ආකාරය පිලිබඳ දැනුවත් විය හැක.)