අම්බචොර ජාතකය 335

Written by

තවද කාසිය ජාතකය කුණාලයෙහි විස්තර වශයෙන් බස්නේය. ධර්මරාජ ගුරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අඹසොර භික්ෂූන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. ඒ කෙසේද යත්

 

එක්තරා මහලු භික්ෂූකෙනෙකුන් වහන්සේ අඹ උයනෙක වාසය කරන අචිරවතී නම් ගංඟාවෙන් ඉස්සෝධා නහා අඹ උයන බලන්ටයයි කියා උයනට ආවාහ. ඒ වෙලාවට එ කියන මහලු භික්ෂූන් වහන්සේ උයනට වැඩි උයනේ අඹ නැතිනිසාවත් එකියන සිටුදූන් සතරදෙනාත් සිටියා දැන එසේ වී නම් මෙකියන සිටුදූ සතරදෙනා වන අඹ කඩාගත්තේ යයි සිතා තොප ඇමය මේ අඹ කඩාගත්තේ යයි කියන්නා, එකියන සිටුදූ සතරදෙනා මේ අප නා පියා ආ පමණක් විනා අප කැඩූ අඹයක් නැතැ’යි කීය. එසේත් මට දිවුරන්ට උවමැනවැයි කියන්නා යහපතැයි කියා එකියන සිටු දූ සතරදෙන දිවුලාහ. මේ නිසායෙන් එකියන සිටු දූ සතරදෙනා ලජ්ජා කරවා පියා උන් ඇම තමතමන්ගේ ගෙවලට යැවුසේක. මේ කථාව දම්සභා මණ්ඩපයට රැස්වූ මාලුවරුන් වහන්සේ කථාකොට කොට වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි ,

 

මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා, මහණෙනි, දැන් මතු නොවෙයි පෙරත් මේ භික්ෂූහු ස්ත‍්‍රීන් ලජ්ජාකරවූවෝ වේ දැයි වදාරා, ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරන සමයෙහි එක්තරා තාපස කෙනෙක් අඹ උයනේ වාසය කරන්නාහූ ඒ ඇත්තාවූ අඹ තමුනුත් කා අඳුනන්නන්ටත් දී වංචා ප‍්‍රයෝගයෙන් දවස් යවන්නාහ. එසේම බෝධිසත්වයන් වහන්සේ ශක‍්‍රදේවේන්ද්‍ර ව ඉපද මනුෂ්‍යලෝකය බලා වදාරනසේක්, කවුරු දෙමව්පියන්ට ආදර කෙරෙත් ද, කවුරු අටසිල් රකින්දෝ කවර තාපසකෙනෙක් තපස් රකිද්දෝහෝ’යි බලා වදාරණ සේක්, මේ තාපසයන්ගේ කුහක තපස් දැක ඒ උයනට අවුත් උයනේ අඹ අන්තර්ධානකොට පෑවාහ.

 

ඒ වෙලාවට බරණැස් නුවර සිටුදූ සතරදෙනෙක් නාපියා එතනට ආවාහ. තාපසයෝ එතනට අවුත් උයනේ අඹ නැති නියාව දැක මේ උයනේ අඹ කඩාගත්තෝ තොපියයි කියන්නා ඌ සතරදෙන අප අඹ කැඩුවේ නැතැයි කීහ. එසේ කීවත් කම්නැත දිව්රන්ට උවමැනවයි කියන්නා යහපතැයි ගිවිස පළමුවන තැනැත්තී දිව්රන්නී ඉස්කරපුරා සුදුලොම් අඩුවෙන් උදුරන්නා වූ වයස් පිරුණු මාලුපුරුෂයකු අතරේ ඉඳිම්මැයි මේ අඹ කැඩින්නමැයි කියා කීහ. දෙවෙන ස්ත්‍රී කියන්නී, වයස් පසළොස් විස්ස තිස අවස්ථාවේ දී සරණ නො ගොස් ඔබ දී සරණ යම්මැයි කියා දිව්ලාහ, තුන්වන ස්ත්‍රී දිව්රන්නී අනඟයාගෙන් සැරප්‍රහාර ලදී නම් දෙගව්වෙක ඉන්නා ප්‍රිය වූ පුරුෂයෙකු ළඟට ගොස් ඒ පුරුෂයා ලැබගන්නෙම්මැයි මේ අඹ කැඩින්න මැයි කියා කීහ. සතරවන ස්ත්‍රී දිවුරන්නී යහපත් කොට ඉස් සෝධා නහා සාන්දුජබාදු ආදී වූ දෙය හා කොකුන් ගල්වාගෙන යහපත් කොට අතුලයානේ තනිව වැදහෝම්මැයි මේ අඹ කැඩින්නමැයි කියා දිවුලාහ. එවිට තාපසයෝ තෙපි ඇම දිව්ල නියා යහපතැයි කියා උන් සතරදෙනා තොපි තොපගේ ගෙවලට යව’යි කියා යවාපුවාහ. ශක‍්‍රයෝත් භයංකර වෙසක් මවාගෙන තාපසයිනුත් එතනින් පහකොටපුව’යි වදාරා මේ අම්බචෝර ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි තාපසයෝ නම් මෙසමයෙහි මෙකියන භික්ෂූහු ය. එසමයෙහි සිටුදූ සතරදෙනා නම් මේ සමයෙහි මේ සිටුදූ සතරදෙනාම ය, එසමයෙහි ශක‍්‍රව උපන්නෙම් බුදුවූ මම් ම යයි වදාළසේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

 

Read 2531 times
logo கல்விச் சீர்திருத்தங்கள், திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2021 | கல்விச் சீர்திருத்தங்கள், திறந்த பல்கலைக்கழகங்கள் மற்றும் தொலைக்கல்வி மேம்பாட்டு இராஜாங்க அமைச்சு