අනභිරත ජාතකය 173
Written by චාන්දනී තෙන්නකෝන්තවද ත්‍රිභූවන තිලක වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
සැවැත්නුවර එක් බ්‍රාහ්මණයෙකු, මානවකයෙක් ත්රිවේදය පාරප්රාප්තව බොහෝ රාජකුමාරවරුන් කම් මන්ත්රභද්රරත්වයි, ඒ තෙමේ කල්යාමෙකින් අඹුදරුවන්, වහල් සරක් ආදීවූ බොහෝ හිගිකම්කටුල්යේ දී තෙමේ තමාගේ මන්ත්‍ර, මධ්‍යයෙන් අනන්තයෙත් ආදීයෙහිත් සිත කැළඹී සිහිනැතිවන්ට වන. එසමයෙහි එක්දවසක් ඒ බ්‍රාහ්මණ ගඳදුම් මල්පහන් ගත් අත් ඇතිව බුදුන් දකින්ට ගොසින් බුදුන් දිට. සර්වඥයෝ, “ඇයි බ්‍රාහ්මණය බොහෝ දෙනාට මන්ත්‍ර උගන්වයි. දැනටම වනපොත් ඇද්දැයි විචාරා වදාළසේක. එද කියන්නේ ස්වාමිනි පඤ්චකාමවිසයෙහි හා ගිහිකම්කටු ඇල් සිතවැටී, ආදිය හපත් වදන් නාදෙය දැන් සඳහන් නැති වෙන්නට වනැයි කියා එබස් සර්වඥයෝ අසා පළමුත් තට එසේම වූයේ වේදැයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බරණැස්නුවර දිසාපාමොක් ආචාරීව ඉපිද බොහෝ ශිෂ්‍යයන් අකුරුකියවා වාසය කරන සේක. එසමයෙහි අතවැස්සන්ට ප්‍රධාන බෝධිසත්වයන්ට ඉක්බිතිව ඉන්නා බ්‍රාහ්මණයෙක් ඇත, ඒ බ්‍රාහ්මණයා පඤ්චකාමයෙහි හා ගිහිකන්කටුල්ලෙහි වන, එවක් පටන් ශිල්ප වනපොත් නැතිවන්නට වන, බෝධිසත්වයෝ ඇයි මානවකය තාගේ සිල්ප වනපොත් නැද්දැ?යි විචාළහ. එසේය පඤ්චකාමයෙහි හා ගිහිකම්කටුලට සැලවුණු ගමනේ වනපොත් නැතිවන්ට වන්නාහයි කීහ. එබස් අසා එළඹ, කැළඹුණාවූ ජලයෙහි සිප්පි මස්,කැස්බෝ නොපෙනෙන් ද එමෙන් කැළඹුනාවූ සිත්විල්ලෙන් ශාස්ත්‍රය නො පෙනේන්නේය. ප්‍රසන්න වූ ජලයෙහි සිප්පි මස් කැස්බන් පෙනෙන්නා සේ ප්‍රසන්නවූ සිතිවිල්ලේ බොහෝ ශාස්ත්‍ර සිත තිබෙයි වදාරා අනභිරත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි බ්‍රාහ්මණ මාණවකයා නම් මෙසමයෙහිත් බ්‍රාහ්මණ මාණවකයාම ය. දිසාපාමොක් ආචාරීන් නම් බුදුවූ මම්ම යයි වදාළසේක.
උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ