සදුදා, 10 ජනවාරි 2022 15:50

e-තක්සලාව”, දුරස්ථ අධ්‍යාපන ඉතිහාසයේ නිම්වළලු පුළුල් කරමින් තවත් අනර්ඝ සංධිස්ථානයක් සනිටුහන් කරයි.


2013 පෙබරවාරි 18 දී සාමාන්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ කරන ලද e-ඉගෙනුම් වේදිකාව වන "e-තක්සලාව", අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නිල වශයෙන් 2022-01-07 (සිකුරාදා) දින අවතීර්ණ වූ වගයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යථාර්තයක් බවට පත්කරමින්, ජාතික පාසල් දහසක් නිර්මාණය කිරීම සනිටුහන් කිරීම වෙනුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පිහිටි සියඹලාණ්ඩුව මහ විද්‍යාලය ජාතික පාසලක් වශයෙන් ස්ථාපිත කීරීම 2022-01-07 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අතින් සිදුවිය. ඊට අධ්‍යාපන අමාත්‍යතුමා සහ රාජ්‍ය ඇමතිවරුන් ඇතුලු මැති ඇමතිවරුන් රැසක් සහභාගි වූහ.
මෙම වැඩසටහන යටතේ එම පාසලට රජය විසින් ප්‍රකාශ තන්තු (fiber optic) තාක්ෂණය යටතේ අධිවේගී අන්තර් ජාල පහසුකම් සහ ටැබ් යන්ත්‍ර සපයා ඇත.

නව අත්දැකීමක්....
ටැබ් යන්ත්‍ර භාවිත කර, අධිවේගී අන්තර්ජාලය මාධ්‍යයක් කරගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුතුමියකු මගින් 8 ශ්‍රේණියේ, ඉංග්‍රීසි පාඩමක් සියඹලාණ්ඩුව ජාතික පාසලේ සිසු දරුවන්ට සජීවීව ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවිය.
ප්‍රථමයෙන්, සමස්ත ක්‍රියාවලිය පහසු කිරීම සඳහා "e-තක්සලාව" පද්ධතිය තුල සියඹලාණ්ඩුව ජාතික පාසල සඳහා "අථත්‍ය පාසලක්" නිර්මාණය කළේය. ඊට, සිසුන් සම්බන්ධ කරගැනීම, කොළඹ, රාජකීය විද්‍යාලයේ ගුරුතුමිය පාඩම සිදුකිරීම සඳහා e-තක්සලාව වේදිකාව භාවිත කිරීම, ගුරුතුමිය සහ සියඹලාණ්ඩුව පාසලේ සිසුන් දුරස්ථ ක්‍රමවේදය යටතේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් "e-තක්සලාව" තුලට ඒකාබද්ධ කර ඇති වීඩියෝ තාක්ෂණය භාවිතාකර ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය සිදුකිරීම යන මේ සියල්ල සම්පූර්ණයෙන්ම, “e-තක්සලාව” නිල e-ඉගෙනුම් වේදිකාව භාවිත කර සිදුකිරීම මෙහිදී සිදුවූ සුවිශේෂියත්වයයි.
e-තක්සලාවේ මෙම නවතම වැඩපිළිවෙළ, රටේ ප්‍රථම පුරවැසියා වන අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේ එතුමන්ට සජිවීව සියැසින් දැක බලාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීම විශාල භාග්‍යක් ලෙස සලකනු ලබයි.
මෙහිදී, සාමාන්‍යයෙන් රැස්වීම් සඳහා භාවිතා කරනු ලබන වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේද වලින් බැහැරව, අධ්‍යාපන කටයුතු සඳහාම යොදාගැනීමට හැකි සුවිශේෂ පහසුකම් සහිත වීඩියෝ තාක්ෂණය "e-තක්සලාව" තුලම ස්ථාපිත කර විෂයට අදාල සිසුන්ගේ ක්‍රියාකාරකම් හි ප්‍රගතිය වාර්තා තබමින් සිසුවකු ක්‍රමවත් ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියක පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල මහත් ඕනෑකමින් එතුමාගේ අවධානයට යොමු විය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන දිවයින පුරා දැනට පහසුකම් සහිත පාසල් වලින් ආරම්භ කර අනෙකුත් පාසල් දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතාට උපදෙස් ලබාදෙන ලදී.
මෙදින සනිටුහන් කරන ලද මෙම අවස්ථාව, "e-තක්සලාව" ජාතික නිල e-ඉගෙනුම් වේදිකාව ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී හරියටම වසරක් සම්පූර්ණ වන මොහොතේ වීම, "e-තක්සලාව" සිය ගමන් මගෙහි පරිණත වීම තහවුරු කරනු ලබන තවත් සාක්ෂියකි.
මේ, ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණයන්ගෙන් පිදුම්ලත් "e-තක්සලාව" වසර 9 ක් තුල පෙන්වා ඇති සිය විභවයන්ගෙන් එකක් පමණි.
රජයේ පූර්ණ අනුමැතිය සහ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන වැඩසටහනක් බැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රධාන වශයෙන් සියලුම පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ (NCoEs) සහ තොරතුරු තාක්ෂණ සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන (මීට පෙර කලාප පරිගණක සම්පත් මධ්‍යස්ථාන ලෙස නම් කරන ලද) "e-තක්සලාව" සමඟ ඒකාබද්ධ කිරීම අනිවාර්ය එමෙන්ම නිල අවශ්‍යතාවයක් බවට පත්වේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, මෙම සමස්ත පද්ධතිය පිටුපස අඛණ්ඩව දැවැන්ත ශ්‍රම බලකායක් ලෙස කටයුතු කරන සියලුම ගුරුවරුන් ඉතා ගෞරවයෙන් ඇගයීමට මෙය අවස්ථාවක් කර ගනු ලබන අතර ඔබ සැම මෙහි තිරසර පැවැත්මට අනිවාර්ය මානව සම්පතක් වේ.
මෙම ජාතික වැඩසටහනේ දියුණුව සහ තිරසර පැවැත්ම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRC), මිලේනියම් IT යන ආයතනයන්ගෙන් ලැබෙන විශේෂ සහයෝගය සුවිශේෂි පිටුවහලක් වී ඇති බව ගෞරවයෙන් යුතුව සිහි කල යුතුමය.

-දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අංශය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය-

at the Royal College, Colombo 07:
In the picture:
Ms. Mithila, Grade 8 English teacher at the Royal College who did the online lesson, Mrs. Sumudu Wijesooriya (ADE-Project lead & team lead of e-thaksalawa) and English & ICT Subject Directors, Mrs. B.M. Weerasuriya and Mrs. Vasana Surangi Wickramasinghe at MoE with e-thaksalawa team members Ms. Geethika Sanjeewani and Mr. Vimukthi M. Wasala.
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom: Grade 8 Students with the English Teacher Mrs. Samudra at Siyambalanduwa National School
At the Siyambalanduwa classroom
At the Siyambalanduwa classroom:
In the picture: Secretary Dr. Upali M. Sedere DG at NIE Dr. Sunil Jayatha Nawaratne Chairman at Information & Communication Technology Agency (ICTA) Mr. Oshad Senanayake, Additional Secretary Mr. G.M.Niel Gunadasa e-thaksalawa team member Mr. Sathya Dananjaya
At the Siyambalanduwa classroom
Secretary Dr. Upali M. Sedere (with the laptop) is appreciating the Royal College teacher and the officials joined from SMoER and MoE at the Royal College.
Others in the picture: Chairman at Information & Communication Technology Agency (ICTA) Mr. Oshad Senanayake, DG at NIE Dr. Sunil Nawaratne and the English Teacher at Siyambalanduwa National School Mrs. Samudra
e-thaksalawa team at the Siyambalanduwa classroom:
Mr. Thinesh Dina, Mr. Sajith Prabodhana, Mr. Chamara Sugathadasa, Mr. Vijith Bandara, Mr. Sathya Dananjaya
e-thaksalawa team and the kids who were at the online session
logo නිර්මාණය :
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2021 | අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.