උපමාව හා උපමේය ඉගෙන ගනිමු.



සිංහල - 5 ශ්‍රේණිය

දුර එනකොට

වැටකෙයියා මලක්

වගෙයි

ළඟ එනකොට

රිදියෙන් කළ රුවක්

වගෙයි

ගෙට එනකොට

ගෙයි ඇවිලෙන පහන

වගෙයි

මගෙ අම්මා

මට

මානෙල් මලක්

වගෙයි.

වෙනත් උපමාවාචී නිපාත පද(සමාන බව හඟවන පද) - මෙන්, සේ, වැනි, වාගේ, බඳු.

පද අසළට යාමෙන්(Move) හෝ පහත දැක්වෙන පද වර්ගයට Click කිරීමෙන් හෝ පද වර්ගය හඳුනාගත හැක.