March 22- ලෝක ජල දිනය

 දවසේ දැනමුතු | ලෝක ජල දිනය.

1992 වර්ෂයේදී රියෝ ද ජැනයිරෝ හි පැවැති පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ යෝජනාවක් ලෙසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු 22 වන දින ලෝක ජල දිනය ලෙස නම් කරනු ලැබුවා. ඒ අනුව 1993 සිට මෙම දිනය විවිධ තේමාවන් ඔස්සේ ජල දිනය ලෙසින් සමරන අතර මේ සඳහා විවිධ රටවල් ජල සංරක්ෂණය පාදක කරගත් වැඩසටහන මහජන සහභාගීත්වය ඇතිව, සංවිධානය කරනු ලබනවා.
පෘථිවියේ සමස්ත ජල ප්‍රමාණය ඝන සැතපුම් මිලියන 332.5 ක් පමණ වන අතර ඉන් 97% ක් ම ඇත්තේ සාගර මුහුදු වල බැවින් එදිනෙදා මිනිස් පරිභෝජනයට ගත හැකි 0.3% ප්‍රමාණය ද පවතින්නේ මිහිපිට ගංගා, ජලාශ පොකුණු, ඇළ දොළ තෙත්බිම් යනාදිය තුළයි.
මේ අනුව බලනවිට ජලය යනු ලෝකයේ පවතින සීමිත සම්පතකි. ජාත්‍යන්තර ජල දිනය සැමරීමේ ප‍්‍රධාන අරමුණු ලෙස ජල සම්පත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශ හා නිශ්චිත ක‍්‍රියාකාරකම් ඉටු කිරීමත්, තීරණාත්මක ජල ගැටලූ පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීමත් ඒවාට විසඳුම් සෙවීමටත් අවධානය යොමුව ඇත.

අවසන් වරට නවීකරණය කරන ලද: සිකුරාදා, 1 අප්‍රියෙල් 2022, 1:47 ප.ව.