January 30 - වික්ටෝරියා රන්දෙණිගල සහ රන්ටැඹේ වනාන්තර ප්‍රදේශ වනජීවී රක්ෂිත ලෙස නම් කිරීම

 දවසේ දැනමුතු | වික්ටෝරියා රන්දෙණිගල සහ රන්ටැඹේ වනාන්තර ප්‍රදේශ වනජීවී රක්ෂිත ලෙස නම් කිරීමේ දිනය.

ශ්‍රී ලංකාවේ විශාලම බහුකාර්ය ජලාශය වන වික්‌ටෝරියා ජලාශය, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ වටාපිටාව වැදගත් කමක් උසුලන ලබනවා. මෙම ජලාශවල පලිහක්‌ වශයෙන් ක්‍රියා කරමින් ජල සුරක්‌ෂිතතාව සුරක්‌ෂිත කරමින් පෝෂණය කිරීමත් මෙහි ඇති වැදගත්කමයි.
වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභයභූමිය මහනුවර නකල්ස් කඳුවැටිය සහ මධ්‍යම කඳුකරය අතර පිහිටා ඇත. මෙම අභයභූමියේ විශාලත්වය හෙක්ටයාර් 42,088 කි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලවිදුලි ජලාශ තුන වන වික්ටෝරියා ජලාශය, රන්දෙණිගල ජලාශය සහ රන්ටැඹේ අභයභූමිය ආරක්ෂා කිරීම සඳහා මෙම අභය භූමිය කෘත්‍රිමව මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් වනවා.
වර්ෂ 1987 ජනවාරි 30 වැනි දින සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥ පනතට අනුව අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති වික්‌ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමිය මහනුවර ආසන්නයේ සිට මිණිපේ අමුණ දක්‌වා මහවැලි ගං තීරයේ පැතිරී තිබේ.
එපමණක්‌ නොව ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ජලාශය වන වික්‌ටෝරියා ජලාශය මෙන්ම රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල ජල සුරක්‌ෂිතතාව සම්පූර්ණයෙන්ම බැඳී පවතින්නේ මෙම අභය භූමිය සතු වන වැස්‌ම මතය. මෙම අභය භූමිය ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකමක් වේ.

Last modified: Friday, 1 April 2022, 11:54 AM