January 29 - ඇන්ටන් චෙකොෆ් මහතාගේ උපන්දිනය

 දවසේ දැනමුතු | ඇන්ටන් පැවලොවිච් චෙකොෆ් උපන්දිනය.

ඇන්ටන් පැවලොවිච් චෙකොෆ් උප්පත්තිය ලබන්නේ ක්‍රි.ව 1860 ජනවාරි මස 29 වනදා රුසියාවේ තගන්රොග් හීදීයි. ඉතාම හොඳින් අධ්‍යාපනය හදාරන දීප්තිමත් සිසුවෙකු වූ ඇන්ටන් අධ්‍යාපනය ලබන සමයේ දී ඊට අවශ්‍ය මුදල් තනිවම සොයාගත් ඔහුට වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වූ පසු අවැසි මුදල් සොයාගත්තේ ඉගැන්වීම් කටයුතු වලින් හා නිදහස් රචකයෙකු ලෙස කෙටි කතා, චිත්‍ර කතා වැනි දේ ලිවීමෙනුයි.
සිය දිවිය නිමාවන තුරුම ඇන්ටන් චෙකොෆ් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ රාශියක්ම ලොවට දායාද කරනවා. විශේෂයෙන්ම ඔහු විසින් රචිත කෙටි කතා කිහිපයක්ම පාඨක ප්‍රසාදයට ලක් වෙනවා. “Ward No. 6” සහ “The Lady with the Dog,” යන කෙටි කතා වලින් මනුෂ්‍යභාවයන් ගැඹුරු ලෙස විදහා පෑමටත් ඔහු සමත් වී තිබෙනවා.
මේ කාලයේ දී ඇන්ටන් චෙකොෆ් නාට්‍යවේදී කොන්ස්ටන්ටීන් ස්ටැනිස්ලව්ස්කි හා මොස්කව් රංගශාලාව හා එක්ව ඉතා විශිෂ්ට නාට්‍ය නිර්මාණ කිහිපයක්ම කරනවා. The Cherry Orchard (1904) ඉන් සාර්ථකම කිහිපයක් වෙනවා. පසුකලෙක නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති විසින් “චෙරි උයන” යන නමින් ශ්‍රී ලාංකික වේදිකාවට ගෙන ආවේ මේ “The Cherry Orchard” නම් නාට්‍යය යි.
සිය දිවියේ අවසාන කාලය ජර්මනියේ සාත්තු නිවාසයක ගෙවා දැමූ මේ අසහාය සාහිත්‍යධරයා ක්‍රි.ව 1904 ජූලි මස 15 වනදා දිනය උදාවත්ම මෙලොවින් සමුගන්නවා.

Last modified: Friday, 1 April 2022, 7:54 AM