January 28 - දත්ත රහස්‍යතා දිනය

 දවසේ දැනමුතු | දත්ත රහස්‍යතා දිනය.

සෑම වසරකම ජනවාරි 28 වන දින, ලොව පුරා බොහෝ රටවල් ජාත්‍යන්තර දත්ත රහස්‍යතා දිනය සමරනු ලබයි. මෙය පුද්ගලිකත්වය සහ පුද්ගලික දත්ත ආරක්ෂණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනයකි.
දත්ත රහස්‍යතා දින ඉතිහාසය යුරෝපා කවුන්සිලය දක්වා දිවයනවා. ප්‍රථම වරට දත්ත රහස්‍යතා දිනය ආරම්භ කරනු ලැබුවේ 2007 වසරේදීය. මෙම දිනය ගෝලීය වේදිකාවක් දක්වා වර්ධනය විය.
අපගේ පුද්ගලික දත්ත විවිධ මාධ්‍ය හරහා සහ විවිධ හේතූන් මත අපි විසින් විවිධ මාධ්‍ය තුලට එක් කිරීම් සිදු කරනු ලබනවා එය අපගේම නොසැලකිලිමත්කම හෝ නොදැනුවත්කම නිසා අපගේ දත්ත අන් අය අතරට පත් විය හැකියි. ඔබගේ දත්ත රහස්‍යතාව ආරක්ෂා කිරීම සඳහා,
කිසිවිටෙක අනාරක්ෂිත WiFi භාවිතා නොකරන්න.
දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ පෙළ හරහා කිසිවිටෙක පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න.
ශක්තිමත් මුරපද භාවිතා කරන්න.
වෛරස් ආරක්ෂණය සහ ගිනි පවුරක් භාවිතා කරන්න.
ඔබගේ ඩිජිටල් උපාංග සුරක්ෂිත කිරීමට පළමුව පියවර ගන්න. ඒ තුළින් ඔබගේ දත්ත ආරක්ෂාකර ගැනීමටත් පරිස්සම් වන්න. බුද්ධිමත් භාවිතයන් පවත්වා ගැනීම තුළින් , ඔබගේ දත්ත වඩාත් සුරක්ෂිත වනු ඇත.

Last modified: Friday, 1 April 2022, 7:49 AM