January 24- ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා පිටුවහල් කළ දිනය

 දවසේ දැනමුතු | ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා පිටුවහල් කළ දිනය.

අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වුනා. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමායි. ඒ් ක‍්‍රි.ව. 1796 සිට 1815 දක්වා කාල සිමාව තුලයි. මේ රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙක් වෙනවා. ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරව සිටි රොබට් බ‍්‍රවුන්රිග්ගේ ප‍්‍රධානත්වයෙන් කන්ද උඩරට ආක‍්‍රමණය කිරීමෙන් පසු ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඇතුළු පවුලේ අය අත්අඩංගුවට පත් වුණා. 1815 පෙබරවාරි 19 වැනිදා මෙසේ බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත් රජු කොළඹ කොටුවේ ගාල්ලට අවතීර්ණ වන දොරටුව ආසන්නයේ කුඩා මැදිරියක තාවකාලිකව සිරකොට තැබුවා.
මෙලෙස සිරකොට සිටි රජතුමාත්, රජ බිසව වූ වෙන්කත රෙන්ගමාල් බිසව හා පිරිවර කොළඹ වරායෙන් මදුරාසියේ වෙල්ලෝරයට පිටුවහල් කලේ අද වැනි දිනකයි.

Last modified: Friday, 1 April 2022, 7:44 AM