January 21 - කඩවුනු පොරොන්දුව තිරගත වීම

 දවසේ දැනමුතු | කඩවුනු පොරොන්දුව තිරගත වීම.

කඩවුණු පොරොන්දුව කියන්නේ සිංහල සිනමාවේ නිෂ්පාදිත පළමු චිත්‍රපටයයි. ඒ නිසා මෙය සිංහල සිනමා කලාවේ ඇරඹුම ලෙස සලකනු ලබනවා. එයට දකුණු ඉන්දියාණු ආභාෂයක් ලැබුණේ මෙම චිත්‍රපටය රූගත කිරිම හා නිෂ්පාදනය ඉන්දියාවේදි සිදු කල නිසයි.
චිත්‍රපටයේ පළමු තිරගත විම 1947 ජනවාරි මස 21වන දින කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේදි සිදු කෙරුණා. රුක්මණී දේවිය එහි රංජනී ලෙස රඟපාමින් සිංහල කථානාද චිත්‍රපටයක මුල් වරට ප්‍රධාන චරිතය රඟපෑ නිළිය ලෙස පමණක් නොව මුල්ම ගායිකාව හැටියට ද වාර්තාවක් තැබුවා.
මේ චිත්‍රපටයේ නිෂ්පාදක මණ්ඩලය, එස්.එම්. නායගම්, රොබට් පරාක්‍රම සේනානායක, ශ්‍රීමත් සුසන්තා ද ෆොන්සේකා, ආර්.එෆ් ද මැල්, එස්. රාමනාදන්, චෛත්‍යලිංගම් හා වී. සුබ්‍රමානියම් යන අයගෙන් සමන්විත වුණා.
මෙම චිත්‍රටය සඳහා රුක්මණී දේවී රංජනී ලෙස, බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න සැම්සන් ලෙස , එඩී ජයමාන්න මනප්පුවා ලෙස, ජෙමිනි කාන්තා ජොසී ලෙස, පීටර් පීරිස් වික්ටර් ලෙස, රූපා දේවි ටෙක්ලා ලෙස රංගනයෙන් දායකත්වය දැක්වූවා.
ඒ අපේ මුල්ම කථානාද චිත්‍රපටයයි. එයට දායක වූ කිසිවකු හෝ අද අප අතර නැත. එය තිර ගත කළ මුල්ම සිනමාහල් අතරින් ඉතිරිව ඇති එකම සිනමාහල වූ කොටහේනේ කිංස්ලි සිනමාහල පමණක් එම අතීතය සඟවා ගෙන සිටින එකම ජීවමාන සාක්ෂිය ලෙස කොටහේන මහා විද්‍යාල මාවතේ කොනක තවමත් පවතී.

Last modified: Friday, 1 April 2022, 7:29 AM