January 20 - පෙන්ගුයින් පක්ෂීන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය

 දවසේ දැනමුතු | පෙන්ගුයින් පක්ෂීන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය.

පෙන්ගුයින් පක්ෂීන් යනු විනෝදජනක හා අලංකාර සතුන් පිරිසකි. දැනට දන්නා පෙන්ගුයින් විශේෂ 18 කට අධික ප්‍රමාණයක් ඇති අතර ඒවායින් සමහර විශේෂ වසර මිලියන 65 කට වැඩි කාලයක සිට පෘථිවිය වටා ජීවත් වෙලා තියෙනවා.
කොහොම වුණත්, බොහෝ දෙනා නොදන්නා දෙයක් වන්නේ ලොව පුරා පෙන්ගුයින් ගහණය සෑම වසරක් පාසාම අඩුවෙමින් පවතින බවයි.
පෙන්ගුයින් පක්ෂීන් පිළිඹඳ දැනුවත් කිරීමේ දිනය, පෙන්ගුයින් පක්ෂීන් ගැන වැඩි විස්තර දැන ගැනීමට සහ ඔවුන් සිටින තත්වය තේරුම් ගැනීමට හොඳ අවස්ථාවක් වන්නේ ඒ නිසයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා අද වන විට මේ ලස්සන සතුන්ගේ ජීවිත වලට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනව.
ලොව පුරා රසායනාගාර සහ විද්‍යාත්මක ආයතන 2010 න් පසු පෙන්ගුයින් දැනුවත් කිරීමේ දිනය ගැන වැඩි වැඩියෙන් උනන්දු වන්නට වුණා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ පෙන්ගුයින් ආශ්‍රිත පර්යේෂණ ඉස්මතු කර මහජනතාව සංරක්ෂණය සඳහා උනන්දු කරවීමයි.
අද දිනය පෙන්ගුයින් පක්ෂීන් අගය කිරීමට යොදාගන්න පුළුවන් වගේම ඔවුන්ට අපගේ පෘථිවියේ දිගටම ජීවත් විය හැකි බව සහතික කිරීමට ආධාර කිරීමට කිරීමට සමාජයට ඒත්තු ගැන්විය හැකියි.

Last modified: Friday, 1 April 2022, 7:25 AM