January 19 - නිදහසේ පියා අරලියගහ මන්දිරයට

 දවසේ දැනමුතු | නිදහසේ පියා අරලියගහ මන්දිරයට.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය D.S. සේනානායක මහතා සිය නිල නිවාසය ලෙස තෝරාගන්නා ලද්දේ අරලියගහ මන්දිරයයි. එතුමා වර්ෂ 1948 ජනවාරි මස 19 වැනි දින පළමුවරට එහි පදිංචිය සදහා ගියේය. එදා පටන් අද දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ නිවස බවට පත්වුයේ මෙම අරලියගහ මන්දිරයයි. අරලියගහ මන්දිරයට එම නම ලැබීමට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ අරලියගහ මන්දිරය දෙපස පවතින අරලිය ගස් ද්විත්වයි.
කොළඹ 3, කොල්ලුපිටියේ ගාලු පාරට මුහුණලා පිහිටා ඇති දෙමහල් ගොඩනැගිල්ලක් වූ අරලියගහ මන්දිරය, අවුරුදු දෙසියයකටත් වඩා ඉතිහාසයකට උරුමකම් කියයි. 18 වන සියවසේදී ලන්දේසීන්ගේ මත්පැන් ස්කාගාරයක් වශයෙන් ඇරඹුණු මෙම මන්දිරය D.S. සේනානායක මහතා වාසය සඳහා පිටත්වීමට ප්‍රථම රුපියල් පනස්දහසක මුදලකින් පිළිසකර කළ බවද ඉතිහාසයේ සදහන් වේ. අරලියගහ මන්දිරය නම් වූ මෙම මනස්කාන්ත මන්දිරය ශ්‍රී ලංකාවට දේශපාලනිකව පමණක් නොව ඓතිහසිකවද ඉතා වැදගත් ගොඩනැගිල්ලකි.

Last modified: Friday, 1 April 2022, 7:21 AM