December 20 - ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය

 දවසේ දැනමුතු | ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය.

තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය මිනිසුන් සහ ග්‍රහලෝකය මත කේන්ද්‍රගත වෙලා තියෙනවා, දරිද්‍රතාවයෙන්, කුසගින්නෙන් සහ රෝගවලින් ජනතාව මුදවා ගැනීමට ගෝලීය හවුල්කාරිත්වයක් සහ මානව හිමිකම් මගින් අද වන විට සහය දක්වනවා.මෙම දිනය ගෝලීයව, විවිධත්වය තුළ අපගේ එකමුතුකම සමරන දිනයක් හා ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු කරන ලෙස රජයන්ට මතක් කරන දිනයක් ලෙසත් දක්වන්නට පුළුවන්.
21 වැනි සියවසේ ජාත්‍යන්තර සබඳතාවල මූලික වටිනාකම්වලින් එකක් ලෙස සහස්‍ර ප්‍රකාශය තුළ සහයෝගීතාවය හඳුනාගෙන ඇති තිබෙනවා. එබැවින් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගීතාවයේ සහ බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම වැදගත් බව ඒත්තු ගැන්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය දෙසැම්බර් 20 ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.
අද දිනය දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ලෝකයම නව මුලපිරීමකට ලක්වන දිනයකි.

Last modified: Friday, 1 April 2022, 6:24 AM