එරබඳු මල් යාය පුරා- නැණස එක්ක පුංචි අපේ අවුරුද්ද

හැඳින්වීම.

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් e-තක්සලාව සහ නැණස රූපවාහිනිය එක්ව ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබද පාසල් සිසුන්ගේ ආකල්ප සහ දැනුම ඉහළ නැංවීම සහ පාසල් දුවා දරුවන්ගේ කුසලතා සමාජගත කිරීම සඳහා වේදිකාවක් ලබාදෙනු වස්, පාසල් දුවා දරුවන්ගේ, පහත දක්වා ඇති සෞන්දර්යාත්මක නිර්මාණ අප්‍රේල් මාසය පුරාවට නැණස රූපවාහිනී නාලිකා තුළ සහ e-තක්සලාව සමාජ මාධ්‍ය (youtube / Facebook) තුළ ප්‍රචාරය කීරීමට කටයුතු සලසා ඇත.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය.


සිසුන් විසින් නිර්මාණය කරනු ලබන හෝ පාසල මඟින් නිර්මාණය කරනු ලබන සිසු නිර්මාණ, පාසල මඟින් පහත "විද්‍යුත් තැපෑල එවිය යුතු ආකාරය" යටතේ දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට 2022/04/01 දිනට පෙර එවිය යුතුය. මෙහිදී එක් පාසලකින් උපරිම නිර්මාණ 5ක් පමණක් වැඩසටහන සඳහා භාරගනු ලැබේ.
නිර්මාණ කැමරාවකින් හෝ ජංගම දුරකතනයකින් හැකි උපරිම තත්වයකින් වීඩියෝ ගත කර එවිය යුතුය.
*අලුත් අවුරුදු සංස්කෘතිකාංග සහ අලුත් අවුරුදු නාට්‍ය නිර්මාණ, සංස්කරණය කර එවිය යුතුය.

වැඩසටහන සඳහා ඉදිරිපත් කළ හැකි නිර්මාණ කාණ්ඩ සහ කාලය.

 

  • අලුත් අවුරුදු ජන ගායනා (ඒකල හෝ සමුහ - කාලය උපරිම විනාඩි -7)
  • අලුත් අවුරුදු රබන් පද (ඒකල හෝ සමුහ - කාලය උපරිම විනාඩි-5)
  • අලුත් අවුරුදු විරිඳු නිර්මාණ (ඒකල හෝ සමුහ - කාලය උපරිම විනාඩි-5)
  • අලුත් අවුරුදු සංස්කෘතිකාංග (ඒකල හෝ සමුහ - කාලය උපරිම විනාඩි-10)
  • අලුත් අවුරුදු නාට්‍ය නිර්මාණ (කාලය උපරිම විනාඩි-15)
විද්‍යුත් තැපෑල එවිය යුතු ආකාරය.

To- ethaksalawa.event@gmail.com
Subject- සිංහල - හින්දු අලුත් අවුරුදු සිසු නිර්මාණ වැඩසටහන - 2022
e-mail body- නම, ඉගෙනුම ලබන ශ්‍රේණිය, ඉගෙනුම ලබන පාසල, සම්බන්ධ කරගත හැකි දුරකතන අංකය
සඳහන් කර, අනතුරුව වීඩියෝ නිර්මාණය files ආකාරයට Attach කර Send කරන්න.
*එක් සිසුවෙකුට වැඩි පිරිසක් සිටීනම් සිසු විස්තර Word file හෝ Text Document තුළ ඇතුළත් කර එවිය හැකිය.



වැඩි විස්තර සඳහා:- 077 8042968 - විමුක්ති / 071 7727789 - ප්‍රභාත්
Last modified: Thursday, 31 March 2022, 5:32 PM