උඩරට කඳුකර...

උඩරට කඳුකර සිරියා පරදන
රූ බර මූණ ඔබේ..
රතැඟිලි දිගු කර මදහස නන්වන
තේ දලු නෙලන ලඳේ..//

රට පනගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපෙ..
අපි ණය ගැති වෙමු සුකුමල දෑතට
තේ දලු නෙලන ලඳේ..

උඩරට කඳුකර සිරියා පරදන...

ලියවැල දලුවල කරටිය හැමවිට
ඔබෙ හිත් දෙකට නැවේ..
දන මන් පිනවන ඉමිහිරි පානකි
උඩරට ගමන අපේ..
උඩරට කඳුකර සිරියා පරදන...

සේවය යහපත ලොවටම සලසන
කම්කරු ලඳකි ගමේ..
ලංකා පොලවේ පැලවෙන තේ ගස
ඔබෙ දිවි රකිනු ලැබේ..

උඩරට කඳුකර සිරියා පරදන...
...
Last modified: Wednesday, 8 December 2021, 7:20 AM