ප්‍රේමයෙන් මන රංජිත වේ.......

ප්‍රේමයෙන් මන රංජිත වේ
නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ
ලංකෘත වේ
ආලයෙන් වෙලි සැදි මේ ලතා//
මණ්ඩපයෙන් චන්ඩා තප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ//

ප්‍රේමයෙන් මන රංජිත වේ.....
කෝකිල හඬ කන් පිනවයි
රන් ස්වරයයි
රෑන ගිරව් දෙන
ගී සිංදු අම බිංදු
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරින් නද බඹරින්
පිය රැව් දෙන ලිය කිඳුරන
කෝකිල හඬ කන් පිනවයි.....


උපුටා ගැනීම : මනමේ නාට්‍යයෙන්
...
இறுதியாக மாற்றியது: புதன், 8 டிசம்பர் 2021, 6:48 காலை