පොළොවෙන් මතුවන මිණිකැට
පොළොවෙන් මතුවන මිණිකැට මනරම් දිවයින මගෙ රට ගැතියන් නොව පිට රටකට බැතියෙන් සුරකිමු සදහට // ගිරි සිරසින් සැදී ඇදී - කළු මහවැලි කැළණි නදී දසත ගලා දෙරණ සලා - හෙළබිම සරු කරන ලදී සීගිරියේ බිතු සිතුවම් - ඉසුරුමුණියේ ගල් කැටයම් සිරි ඉතිරේ අනුරපුරේ - යුගයක හෙළ විරු විකුමන් පොළොවෙන් මතුවන මිණිකැට... වැවෙන් ජලය කෙතට හලා - ගලෙන් විකුම් පිළිම නෙලා පොළොන්නරුවෙ හෙළ විරුවන් - රුවන් දෙරණ සසිරි කළා අසිරිය දැක මගෙ රටේ - පිට රටිනගේ අවි ගැටේ එකමුතු වෙමු නිති සුරකිමු - උරුමය අප දිනු රටේ පොළොවෙන් මතුවන මිණිකැට// |
||
> |
Last modified: Wednesday, 8 December 2021, 6:26 AM