මේ සෞම්‍ය රාත්‍රීය.....

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී//

රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ//.
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ

කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය.......

සංකාව හර්දේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා//.
ආනන්ද රාත්‍රි සෞම්‍යකාන්ති
ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය.......




ගායනය - ධර්මදාස වල්පොල

...
Last modified: Tuesday, 7 December 2021, 5:56 PM