ගිරිහෙල් මුදුනේ.......

ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේහී
මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ
නැත කලුපාට කිරේහී

සීතලවූ දිය මහ සාගරේ
උණුවේවිද කවදා සාගරේ//

කෝකිලා… කව්ඩා නොවේ
නෑ මෙසේ වීලා ලොවේ
නිල මැසි සේනා අසලට නේනා//
බෘංගයා මිස නෙලුමේ//

ගිරිහෙල් මුදුනේ....

දිනු ජාතිය වටිනා සිංහලේ
අභිමාන වූ දැය මේ සිංහලේ...//

ඒ නිගා සිරිතේ ගැලී ආ නොගා ඉදිමූ දැලී
පරසිරිතේ නී ඔබ හෙල මෑනී//

ඇයිද ශෝකෙට හෙලුවේ
ඔබ හෙල මෑණී//
ඇයිද ශෝකෙට හෙලුවේ//

ඇයිද ශෝකෙට හෙලුවේ




ගායනය - මොහිදින් බෙග්
...
Last modified: Tuesday, 7 December 2021, 5:31 PM