රටලින් හැරලා පටි ගෙන්නාලා‍ ...

රටලින් හැරලා පටි ගෙන්නාලා‍
දඟරෙට දමලා ගොතන ර‍ඟේ
ලී ගෙන්නාලා දෑතට දීලා
පේළිය සැදිලා ගසන ර‍ඟේ


බෙර ගෙන්නාලා සරලාක් දාලා
තාලෙ වදින කොට නටන ර‍ඟේ
මේවාක් විස්තර බලන්න තිබුනට
පොර මඬලේ ලී කෙළින ර‍ඟේ

සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

අවසන් වරට නවීකරණය කරන ලද: අඟහරුවාදා, 7 දෙසැම්බර් 2021, 1:46 පෙ.ව.