බෝගම්බර අපි....(නෙළුම් කවි)

බෝගම්බර අපි නෙලුමට යනකොට


තිස් දෙන්නෙක් නෙලතෙයි තාලම්


තිස් දෙන්නෙක් නෙලුවාට කුමක් වෙද


සුහුරු ළියක් නෙලතෙයි තාලම්


සුහුරු ළියේ නුඹේ ගණ රන් දෑතට


වළලු නවන් නද දෙයි තාලම්


බෝගම්බර සිටි සුහුරු


සැම දෙවියෝ රැක දෙයි තාලම්



සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
            නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය
ගායනය : ඩී.එන්. ධම්මිකා කුමාරි මිය - කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය
පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
Last modified: Tuesday, 7 December 2021, 4:20 AM