ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන....

ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැල වෙන කැලෑ මල් ගෙන
ඔබෙ සිරිපා පුදන්නම්

කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොලෝ තලයේ
අනේ පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස ‍විනිවිද
නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බ‍ව පසක් කර ඇත

ගායනය, සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර මහතා

...
අවසන් වරට නවීකරණය කරන ලද: සඳුදා, 6 දෙසැම්බර් 2021, 12:07 ප.ව.