සැළලිහිණි කොවුල් හඬ...

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා
කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා

කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා

පද රචනය : ආනන්ද සරත් විමලවීර මහතා
සංගීතය : සී. ටී. ප්‍රනාන්දු මහතා
මුල් ගායනය : සී. ටී. ප්‍රනාන්දු මහතා සමඟ ලතා වල්පොල මහත්මිය

...
අවසන් වරට නවීකරණය කරන ලද: සඳුදා, 6 දෙසැම්බර් 2021, 9:50 පෙ.ව.