පුංචි සිතේ පුංචි සිනා...
| |
|
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ//
පුංචි දේට කතා වෙලා - රණ්ඩු වෙලා වෛර බැඳන් කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා අම්මාලාට හොරෙන් ඇවිත් - සෙනෙහෙ සිතින් යාළු වෙලා පුංචි පැටව් එක පවුලකි වෙල් ඉපනැල්ලේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ....
දෙමාපියන් කතා නැතුව වෛර වුණත් ඒ වාගේ පුංචි සිතේ වස විස නෑ ලොකු සිත් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා ජීවිතයේ කතාන්දරේ කියා දියන්නේ
පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ....
ගේය පද – කුලරත්න ආරියවංශ මහතා සංගීතය – රෝහණ වීරසිංහ මහතා ගායනය – නීලා වික්රමසිංහ මහත්මිය
|
|
|
|
|
Last modified: Monday, 6 December 2021, 8:57 AM