අම්මාගෙ උකුලේහි නැලවී

අම්මාගෙ උකුලේහි නැලවී
තාත්තාට සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
ගතවීල යයි මාගේ බාලේ
අම්මාගෙ උකුලේහි නැලවී...

දෙගුරුන්ගෙ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා//
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා//

අම්මාගෙ උකුලේහි නැලවී....

ලංකාව රට මා උපන්න
මගෙ ජාතියේ නාමෙ ගන්න//
පුළුවන් තරම් වෙහෙස වන්න
පතමි හොඳින් මා හැදෙන්න//
අම්මාගෙ උකුලේහි නැලවී....

ගායනය : දමයන්ති ඒකනායක මහත්මිය

අවසන් වරට නවීකරණය කරන ලද: සෙනසුරාදා, 11 දෙසැම්බර් 2021, 3:08 ප.ව.