හිටපල්ලා හිටපල්ලා....(නාඩගම් ගීත)

ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..

ඒයි හිටපල්ලා..//

ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..

ඒයි හිටපල්ලා..//

ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ

දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්

වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ


සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ

...
Last modified: Tuesday, 7 December 2021, 6:47 AM